පීතෘ රාගය : මෙලොව ඇති අවිහිංසක ම ලෝබකමින් බිඳක් “මගෙ දුවේ” තුලින් විමසුමට…

පීතෘ රාගය : මෙලොව ඇති අවිහිංසක ම ලෝබකමින් බිඳක් “මගෙ දුවේ” තුලින් විමසුමට…

කාලෙකට පස්සෙ මට මේ ලඟදී අහන්න හම්බුන එක සිංදුවක් මං හරි අපූරුවට දැක්කා... vacation ඉවර වෙලා ආයෙත් campus එකට එන ගමන් හිටිය මාව එක තප්පරයකට සංවේදී කරමින් කාලේ හරහා ආපස්සට ගිහින් අත දරුවෙක් වූ දා පටන් උන සමහර සිදුවීම් මතක් කරන්න ඒ අපූරු නිර්මාණයට හැකි උනා...

ඉතින් මම මේ ලක ලෑස්ති වෙන්නේ නිසල් ගමගේ රචනා කරන ලද, සුපුන් පෙරේරා අතින් ගීතවත් උන, "මගෙ දුවේ" ගීතයට මගේ දැක්මට අනුව අරුත් සපයන්නයී. මගේ එකම පරමාර්ථය පාඨක ඔබ සැමගේ දෑස් විවර කිරීමට පුංචිම පුංචි උත්සාහයක් ගැනීම විනා, කිසිම කලෙක ගීතයට හානියක් සිදු කිරීම නොවන බව සලකන්න.

සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ

දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ

හිනිපෙතම සොයා ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ

සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක් තියේද මගෙ දුවේ

ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන් සිහින දකිනා

නොලැබෙනා දේට දුකක් වෙන්නෙපා

ආඩම්බරෙන් නුඹව රකිනා සේනා සැදෙයි සැවොම රැඳෙනා

නොවටිනා මාව මතක් වෙන්නෙපා

තුරුලේ සුව මා ගෙන ආ ලෙස පෙරදා

තරමින්ම දැනුනානම් ජීවිතේ

අංගාර වැස්සේ උතුරනා ගංගා වගේ පැමිනි දුක මා

මහමෙරක් සේම දරන් උන් එදා

රෑ නින්ද බෝ වෙන්න හිතලා ඈ ගාව මා නින්ද වැරුවා

රැකගෙනා හීන වලක්වනෙපා

තනිවී ගෙවෙනා හිතේ දුක නිවලා

එනවාද මම තාම පාලුවේ


විදෙස් ගතවීමට සූදානම් වන තම දියණියට අහිංසක ලෝබකමකින් ආමන්ත්‍රණය කරන ලද අවස්තාවක් තමයි මේ ගීතයේ ලියවිලා තියෙන්නේ...

"සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ

දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ

හිනිපෙතම සොයා ලුහුබඳින තුරා හමු නොවී තියේවී ජීවිතේ

සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක් තියේද මගෙ දුවේ”

මෙලොව එලිය දුටු දා පටන් අප එක්තරා තරඟයක කොටස්කරුවන් වෙනවා… ශිෂ්‍යත්ව විභාග, O/L, A/L කඩයිම් පැනල, campus ගිහින්, Job එකක් හොයන් හිනිපෙතම සොයා මේ යන ගමන කවදා නම් කෙලවර වේවිද? හරියකට නින්දක් නැතුව හරියකට කෑමක් ගන්න වෙලාවක් නැතුව අපි මේ දුවන්නේ මිරිගුවක් පස්සෙන් ද? එලෙසින් සිහින හඹා යන ගමනේදී අනිවාර්‍යෙන්ම අපගේ පසුපරින් මහමෙරක් වගේ නොසැලී තාත්තා කියන චරිතය අපි ලඟින්ම ඉන්නවා… කොයිම වෙලාවක හරි අපි වැටුනා නම් අනිවාරෙන් අපි ගාවට කවුරු නැතත් එයා  දුවගෙන එනවා… කිසිම අඩුපාඩුවක් වන්නට නොදී අපිව පෝෂණය කරනවා… ඔහුගේ රුධිරය දියකරමින් සල්ලි පොම්පකරනවා… මොහොතක් සිතුවා නම්, සිදුරු වුන යට බැනියම වෙනුවට අලුත් එක්ක ගන්න නැති සල්ලි, අපේ ආරෙට ගැලෙපෙන සපත්තු දෙකක් අරන් දෙන්න එයා ගාව තියෙනවා.. තාත්තගේ පපුවේ අමාරුවට බේතක් හේතක් ගන්න නැති සල්ලි අපේ අපිට පුංචි කැස්සක් හැදුනත් තියෙනවා, කැඩුන කණ්නාඩිය මාරු කරගන්න නැති සල්ලි ලැප් එකක් අරන් දෙන්න තිබ්බා… විශේෂයෙන්ම දියණියක් නම්, ඔහු හොඳින්ම දැනගෙනත් ඔහුව හැර යන බව, කිසිම අඩුපාඩුවක් නැතුව පෝෂණය කරනවා… ඒත් නූතන දියුණුව නැමති කණ්නාඩි දෙක අපි පැලඳගත්තාට පසු අපිට මේවා පේන්නෙ නැතිව යනවා… සැනසුමක් නැතුව අමුතු සැනසීමක් පතාගෙන දුවනවා… එලෙස සුන්දරය යැයි අපි සිතාගත් කටු ඔටුනු වෙනුවෙන් මහන්සි වීගෙන වැඩකරලා කෝහොම හරි ඒ කටු ඔටුනු දැරුවත්, ඇත්තෙන්ම එතන සැනසීමක් තිබුනද? මොහොතකට නැවතිලා හිතලා බලන්න…

“ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන් සිහින දකිනා

නොලැබෙනා දේට දුකක් වෙන්නෙපා

ආඩම්බරෙන් නුඹව රකිනා සේනා සැදෙයි සැවොම රැඳෙනා

නොවටිනා මාව මතක් වෙන්නෙපා

තුරුලේ සුව මා ගෙන ආ ලෙස පෙරදා

තරමින්ම දැනුනානම් ජීවිතේ”

“සැනසුමක් නැතුව සැනසුමක් සොයා මේ දුවන ගමනේ කටු ඔටුනු පස්සෙන් පන්නලා පන්නලා අන්තිමට ඔයාට මහන්සිය විත්රක්ම ඉතිරිවෙයි… හැබැයි ඒ නොලැබුන දේවල් කටු ඔටුන්නක් කියා ඔයා දන්නවා නම් මගෙ දුවේ…” අප වටේ පිරිස් එකතු වෙයි… මොන අරමුණක් වෙනුවෙන් මොකට එකතු වෙනවද? කව්ද දන්නේ… නුඹව රකින්නට (රකින බව අඟවන්නට) මහත් සේනාවන් සැදී නුඹ අසලින් රැදේවී… “දුවේ මතක තියාගන්න ඒ හැමෝම ඔයත් එක්ක ඉන්නෙ ඔයාට තියෙන ආදරේ නිසාම නෙවෙයි.. ඒ වගේ රාක්ෂයින්ගෙන් බේරෙන්න මගෙ දුවේ මගේ ඔඩොක්කුවේ ඔයා නිදන් හිටිය දවස්වල වගේ සනීපයක්, ආරක්ශාවක් කවදාවත්ම බලාපරොත්තු වෙන්න එපා…”

“අංගාර වැස්සේ උතුරනා ගංගා වගේ පැමිනි දුක මා

මහමෙරක් සේම දරන් උන් එදා

රෑ නින්ද බෝ වෙන්න හිතලා ඈ ගාව මා නින්ද වැරුවා

රැකගෙනා හීන වලක්වනෙපා

තනිවී ගෙවෙනා හිතේ දුක නිවලා

එනවාද මම තාම පාලුවේ”

අංගාර වැස්ස නම් කල්ප අවසානයේ වහින විනාශයේ මහ වැස්සයි. එවන් වැස්සකින් ගං ඉවුරු තලා උතුරන මහ ජල කඳක් වගේ පැමිනි දුක් ගිනිත් තාත්තා මහමෙරක් වගේ ඉහිලුවා….. “ ඔයාගේ වැඩ ඉවර වෙනකම්, ඔයාගෙ හීනවලට යනකම්, ඔයාට නිදිමත එනකම් මට නිදිමතක් ආවෙ නෑ මගෙ දුවේ… ඉතින් මාව දාලා හැමදාටම යන්න එපා මගෙ දුවේ… මගේ අඩුපාඩුව පුරවන්න ඔයාට එක එක චරිත හම්බෙයි… ඒත් තාමත් මේ තාත්තා ඔයා නැතිව පාලුවෙන් ඉන්නේ… ඔයාට කවදා හරි මේ ගමනේ මහන්සි උනොත් ආයෙත් මන් ගාවට ඇවිත් ඔඩොක්කුවෙ නිදාගන්න… මන් උබව පරිස්සමෙන් බලාගන්නම් මගෙ දුවේ….. හීන පස්සෙ දුවලා දුවලා දුවලා ඇති කියලා හිතුන දවසට ආයෙත් එන්න. මේ තාත්තා නුඹ නැතුව පාලුවෙන් බලාගෙන ඉන්නවා…”

තාත්තාගෙ ආදරේ මෙච්චරක් කියල නම් කියන්න පුලුවන් ද? අම්ම නම් නිකමට හරි මතක් කරයි ඒත් තාත්තා කියන චරිතය ගත්තම, එයා කවදාවත් එයා මහන්සි වුන ප්‍රමාණයෙන් බිංදුවක්වත් පෙන්නන චරිතයක් නෙමේ, හිතේ තියෙන මහමෙරක් වගේ ආදරෙන් පොඩ්ඩක්වත් පෙන්නන චරිතයක් නෙමේ… Call එකක් අරන් අම්මත් එක්ක පැය ගණන් කතා කරපු දවස් ඔයාට මතක ඇති… ඒත් තාත්තා එක්ක  විනාඩියක් කතාකරනව කියන්නෙත් ඒක දිග call එකක්… ඉතින් තාත්තට තනිවෙන්න දෙන්න එපා… තාත්තා පරිස්සමෙන් බලාගන්න… මොකද තාත්තගේ ඒ පවිත්‍ර ආදරෙන් දශමයක්වත් දෙන්න මේ ලෝකෙ එකම මනුස්සයෙක්ටවත් බෑ… ඔයාටත් තාත්තව මගඇරුනා කියල හිතෙනව නම්… තාත්තට ආදරෙන් තප්පර දෙකක් කතා කරන්න බැරි වුනා නම්… දැන්ම call එකක් ගන්න අරන් “තාත්තේ” කියලා ආදරෙන් කතා කරන්න… දැන්ම ගන්න මොකද සමහර විට අපි ඊලඟ තප්පරේ ඒක මගඇරුනොත් ඒම ඒ දුක අපිට ජීවිතේටම දරාගන්න පුලුවන් වෙන එකක් නෑ…

ඔන්න ඕකයි මගේ කියවුම… ඒත් ඒ සිංදුව රසවිදින අතරතුරේ දැනුන විදියෙන් 1/100ක්වත් මට ඔයාලට දෙන්න පුලුවන් උනාද කියන එක නම් සැක සහිතයි… ඒ තනු නිර්මාණය, රූප රචනය අතින් ගත්තාමත් මේ සිංදුව සෑහෙනම ලොකු කතාවක් කියනවා… ඉතින් මන් ඔයාලටත් ආරාධනා කරනවා විනාඩි 5ක් වෙන් කරලා මේ සිංදුව මොහොතකට රසවිදින්න කියලා…

https://www.youtube.com/watch?v=a6D6YfDNaIs&list=RDa6D6YfDNaIs&start_radio=1

මගේ මේ කියවුමෙන් ඔයාට යම්කිසි දෙයක් දැනුනා නම් ඒ දේ මගේ තාත්තාටත්, මෙලොව වෙසෙනා අනෙක් මහරහත් පියවරුන්ටත් උපහාරයක් ම වේවා!...


-ස්තූතියි-

✍විසල් චමුදිත ගුණතිලක

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake