ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව.

සුදු මල් ගවුම ඇන්දේ මන්            ලස්සනට
අම්මා මහලා දුන්නේ පාසල්               යන්ට
දැනුනා වෙනස් හැසිරීමක් ඇගෙන්         මට
කවුදෝ දන්නෙ මේ ගවුමෙ            අභිරහස

පාසල් ගියේ ආසාවෙන් වුණත්              එදා
පොරවත් රැගෙන ආවේ වන්නට         මාමා
අනේ දෙවියනේ බේරලා දෙන්න         කියා
මල් ගවුමෙන් ම මන් ගැටගහලා         දිව්වා


හදවත මොහොනක් ස්පන්දනය වුනා නේද? ඇයි ගැටගැහුවේ ඒ පුංචි කෙල්ලව අම්මාට සල්ලි භාගේ නැති නිසා ඇගේ අනාගතය වෙනුවෙන් ගවුමක් හොරකම් කරා වන්ද? ඔව් එහෙම තමා උනේ.
පුංචි සුරංගනාවිට පාසල් ලෝකය මෙහෙම නිමා වුණා.

ඇයගේ හීන නා මල මෙන් පර            වූවා
අම්මේ මමන් රෙදි නැන්දාට වද          වූවා
කුණු රෙදි හෝදලා දෙන්නට මට     කිවුවා
මේ පඩියෙන් මන් අම්මගෙ ණය    ගෙව්වා

ඇත්තටම පින් මදි වුණා ද අම්මේ මෙච්චර දුක් විඳින්න. " උඹ දවසක දිනනවා මගේ පුතේ " යැයි ඇයගේ පිළිතුර විය.

සිනිඳු අතේ කරගැට ඇවිදින්           තිබ්බා
කොහොඹ කොළේ අතුල්ලලා ඇය  දිව්වා
රෙදි පොට්ටනි පිරිසිදු කරලා          දුන්නා
අම්මේ මට මහන්සි යැයි ඇය          කිව්වා

රෙදි නැන්දගේ වැඩපල කර රෑ        වෙද්දි
අම්මා ගියේ ගල් කුරියේ වද            වෙද්දි
ගල් කඩලා අතේ වාරු අඩු              වෙද්දි
හාල් මිටිය ළිප මෙළෙව්වෙ හැකි       විටදී

" මන් අම්මේ අද රෑට කෑම හදලා තියෙන්නේ. එන්න කාලා නිදියන්න." යැයි දියණිය අම්මාට පැවසුවාය.
" අනේ මයෙ පුතා කෑමත් හැදුවද? යන් එහෙනම් කන්න " යැයි අම්මා කිව්වා.
" අම්මේ මට අදහසක් තියෙනවා කෑම ටිකක් විකුණලා කීයක් හරි හොයාගන්න"
අම්මා ගත් කටටම කිව්වේ "පිස්සුද පුතේ ඕවා කරන්න බෑ ඔයාට ! ඉන්න පාඩුවෙ රෙදි නැන්දට උදව් කරලා " කියලා.
ඒත් අහන්නකො කතාව මොකද වුණේ කියලා.

උදයම අවදි වී වැඩ ඇරඹූ               දොණී
බත් මුල් බැඳ කූඩෙට දැම්මා           දොණී
මහා පාරේ වේලි වේලි සිටි             දොණි
හනි හනිකට බත් මුල් විකුණුවෙ     දොණී

එදා ඉදන් බත් මුල් විකුණුවා           දොණී
රෙදි නැන්දට උදව් කරෙත් මේ       දොණි
පුංචි හිතට එඩිතර ඇති සුදු              දොණී
කඩ මණ්ඩියක් ගන්නේ මුදලින්      දොණී

හරි ලස්සනට විග්‍රහ කරනවා නේද මේ හිතට ඇති නොසෑහෙන ධෛර්ය, එඩිතර බව හා අප්‍රතිහත කැපවීම ගැන. දියුණුවෙන් දියුණුවට පාත්‍ර වුණු මේ පුංචි පවුල බත් කඩේ ලස්සනට කරන් ගියා. ආදායම ටිකින් ටික වැඩි වෙද්දි මෙන්න මෙහෙම කිව්වා.
" සුදු දෝණිට කරන්න බෑ කිව්වට අහන්නෙ නෑනේ "
" නෑ අම්මේ මගේ හිත හයියයි. ඔයාවයි මල්ලිවයි දවසක දිනවනවාමයි. ඒක මගේ පොරොන්දුවක්" යැයි මේ දිරිය දියණිය කිව්වේ නිකමට නෙමේ.
අහන්න මේ කවි පෙළත්.

දිනෙන් දිනේ දියුණුව වෙන පිය          මැන්නේ
මැටි ගහලා තිබුණු ගෙදර එළි             වෙන්නේ
ගඩොල් වලින් විලසිනා               සැරසෙන්නේ
ඇය ලෝකය කෙමෙන් කෙමෙන් ජය  ගන්නේ

අම්මයි දුවයි බත් කඩයෙන් ගත්               සල්ලි
එක්කහු කරලා මල්ලට දැම්මා                 මල්ලි
වසර පහක දහඩිය ලේ                         වගුරද්දී
දැනුනා දියුණුවේ මල් පල                     වපුරද්දී

ගේ දොර ඉඩ කඩම් ගන්නා එකින්             එක
රෝද හතරකට බැස්සා අපි                       එකට
ගමට එකම කාර් පොඩ්ඩ අපේ                 එකට
නැග්ගා ඉක්මනින් පොලු මාමා                 එයට

විමතියට කරුණක් නේද? එදා පුංචි සුරංගනාවිය ගැටගැහුව පොලු මාමා අද ඇගේ රෝද හතරේ වාඩි වෙලා. හිතන්න යමක් තියෙනවා නේද. දුව අවසන මෙහෙම කිව්වා.

අම්මේ හොරකම හොඳ නෑ                කවදාවන්
දැක්කා නේද ලේ දහඩිය වල                 වත්කම්
මායාවෙන් මුලා වුනොත් නෑ                  දස්කම්
දන්වැද ජීවන කනරයි මෙය                        නම්

අඳුරු පරිච්ඡේද එන්නේ කියා                නොවේ
මිහිපිට මිනිසුනි එය වැනසුමක්              නොවේ
වෙන ඵල හැම වෙන්නෙ සැනසුමට       නොවේ
උගත් නැතත් කිව්වේ විහිළුවට              නොවේ

තවත් අලංකාර පණිවිඩයකට ඇය මුල පිරුවා නේද? පොත පතේ දැනුම ඇයට නැති වුණාට ජීවිතයට පාඩම් ගොන්නක් එක් කරලා උත්සාහය, කැපවීම දවසක බබළනවා යන පරමාර්ථ්‍යය ඇස් පනා පිට ඉෂ්ට වෙද්දී ඇය මෙහෙම කිව්වා.

"පාසල් ජීවිතයට තිත තිබ්බා නම් නූගතා යන අන්වර්ථ නාමය දාන්න ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා. ඒන් දන්නවද ඔවුන් නූගත් නිසා නෙමේද එහෙම අවලාද අපහාස කරන්නේ."

එහෙනම් කාන්තාවකට දිනන්න බැරිද? පුළුවන් යාළුවනේ. පින් පව් වලට අනුව දහමට අනුකූලව නිරන්තර කැපවීමෙන් ජීවත් වෙනවා නම් ජීවිතය දිනනවා නොඅනුමානයි.
මෙයින් ගත හැකි පණිවිඩ රාශියක් තියෙනවා නේද?

ගැහැනිය කියන රාමුවට කිසි දිනක කොටු වෙන්නෙපා. නිරන්තර කැපවීම, උත්සාහය, ධෛර්ය, ස්ථුල බව, මා පිය උපස්ථානය, හොර බොරු වංචා නොකර ජීවත්වනවා නම් දවසක මේ දියණිය වගේ ජය ගන්නවා නොඅනුමානයි.

අවසන වීදාගම මෛත්‍රී හිමියන්ගේ අත්පොත වන ලෝ වැඩ සඟරාවේ කව්පද පෙළක් ගන්වා මම නවනිමි.

"කරණ කලට පව් මිහිරිය මී     සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේ       සේ
නුදුන මැනවි තුන් දොර අවකා සේ"

-නිමි-

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe