තාක්ෂණය සහ අනාගතය

තාක්ෂණය සහ අනාගතය

විශ්වය පුරා විහිදුණු කළුකුහර මන්දාකිනි චක්‍රාවාට මධ්‍යයේ හරිත සළු පිළි සහිත එකම මනාලිය වූයේ මිහිතලයයි. සත්ව ශිෂ්ටාචාරයෙන් මිදී කැලයෙන් එලියට ආ මිනිසා ස්වකීය බුද්ධියෙන් අත්හදා බැලූ පර්යේෂණාත්මක දෑහී තිළිණයක් ලෙස අද අප මෙම දකිනා තාක්ෂණය අපට උරුම වී ඇත. සියවස් ගණනාවක් මුළුල්ලේ ක්‍රමිකව වෙනස්වීම් වලට ලක් වෙමින් පරිණාමය වූ තාක්ෂණය ආරම්භක යුගයේ පටන් පරිසරයේ සහ එහි වසන සියලු සත්වයන්ගේ හෙට දවස තීරණය කිරීමට තීරණාත්මක සාධකයක් වූ බව නොඅනුමානය.

අතිශය ප්‍රාථමික වූත් සහනශීලීත් අවධියක තාක්ෂණය බිහිවීමට මූලික වූ හේතුවක් ලෙස කුසගින්න සැලකිය හැකිය. දඩයමෙන් කල් ගෙවූ ප්‍රාග් මානවයන් තමන්ගේ දඩයම පහසු කරගැනීම පිණිස ගස් ගල් යොදා ගනිමින් ප්‍රාථමික ආයුධ තැනූහ. ඉන් පසුව ස්වාභාවිකව හටගන්නා ගින්න තමන්ට අවශ්‍ය ලෙස පාලනය කරගැනීමෙන් බොහෝ දේ පහසු කරගත හැකි බව ඔවුන් තේරුම් ගත්හ. මෙලෙස ක්‍රමිකව ලෝහ භාවිතයට හුරුවන මානවයන් තාක්ෂණයේ නව යුගයක් ආරම්භ කළහ. මෙලෙස මනසින් හා තාක්ෂණයෙන් උසස් වූ මිනිසුන් පරිසරයේ අනෙකුත් සතුන්ගෙන් වෙන් වී තමන්ට අවශ්‍ය ලෙස පරිසරය හැඩගස්වා ගැනීමට හුරු වූහ.

මිනිසා සිය දෛනික කාර්යයන්හි පහසුව උදෙසා පසුකාලීනව ගැල්, කරත්ත ආදී ප්‍රවාහන මාධ්‍යයන් කෙරෙහි අවධානය යොමු කරන්නට ගත්තේය. ක්‍රමයෙන් ඒවා දියුණුවත්ම දියඹ ජය ගැනීමට ඔරු පාරුද නිපදවිණි. මුල් කාලීනව ගල්ලෙන් තුළ වාසය කිරීමට යෙදුණු මිනිසුන් මේ වන විට ස්වකීය බුද්ධිය යොදා ගනිමින් නිවාස සෑදීමට පෙලඹුණහ. මෙලෙස වසර ගණනාවක් තිස්සේ ඉතා සෙමෙන් දියුණු වෙමින් පැවති තාක්ෂණයට නව අරුණලු පතිත වූයේ 14 වන සියවසින් ඇරඹී මධ්‍යතන පුනරුදයයි. මෙම කාලය තුළදී දර්ශන වාදය කලාව සහ සාහිත්‍ය යන ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන සංවර්ධනයක් සිදුවිය. මෙය පසුකාලීනව කාර්මික විප්ලවය ඇතිවීමට මූලික වශයෙන් හේතුවිය.

19 වන සියවසේ අග භාගයේ දී ආරම්භ වූ යේ කාර්මික විප්ලවය එතෙක් පැවැති තාක්ෂණයන්හි නව පෙරළියක් ආරම්භ කරමින් ශීඝ්‍ර පරිණාමයකට ලක් විය. මෙම යුගය මානව තාක්ෂණයන්හි ස්වර්ණමය යුගයක් ලෙස හඳුනාගත හැකිය. එතෙක් සඳේ සිටින හාවුන් ගැන කතා ගෙතුව මිනිසුන් සඳ ස්පර්ශ කිරීමට සමත් වූහ. පරිගණක කරලියට පැමිණීමත් සමග ලෝකයේ ඕනෑම ස්ථාන දෙකක සිටින මිනිසුන් දෙදෙනෙකුට මුහුණට මුහුණ බලා කතා කිරීමට තරම් තාක්ෂණය දියුණු විය. වර්තමානය වන විට මිනිසා විසින් නිර්මාණය කළ මෙම පරිගණක මානව බුද්ධියද අභිබවා යාමට තරම් සමත්ව ඇත.

නමුත් මෙලෙස දියුණු වූ තාක්ෂණය මිනිසාගේ යහපතට පමණක් සීමා නොවී මිනිසාගේ අයහපතටද හේතු වීම කණගාටුවට කරුණක් වී ඇත. එදිනෙදා වැඩකටයුතු පහසු කර ගැනීම පිණිස සොයා ගැනුණු යකඩ අද වන විට මිනිසා විසින් මිනිසුන්වම තුරන් කිරීමට ආයුධ නිපදවීමට යොදාගනියි. මානව අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මිනිසා මහා පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීමත් ජල මූලාශ්‍ර දූෂණය කිරීමත් සුලභ දසුනක් වී ඇත.  එමෙන්ම ශබ්දය වේගයද අභිබවමින් අහස් ගැබ තුළින් ගමන් කරන මිනිසා වසර දහස් ගණනක් මුළුල්ලේ සූර්යයාගේ අහිතකරන කිරණ වලින් මිනිසා ආරක්ෂා කළ ඒ ඕසෝන් ස්ථරය නම් වූ ආරක්ෂක කවචය විනාශ කරමින් සිටියි.

මෙවන් තාක්ෂණයේ අනිසි භාවිතයන්ගේ ප්‍රතිවිපාක මේ වන විටත් මිනිසුන් අනුභව කරමින් සිටින බව නොරහසකි. එක් අතකින් ගෝලීය උණුසුම් වීමත් තවත් අතකින් සාගර ජල මට්ටම් ඉහළ යාම වැනි තත්ත්වයනුත් අද වන විට ගෝලීය තර්ජනයන් බවට පත්වී ඇත. එමෙන්ම අවිධිමත් කාලගුණ තත්ත්ව, දසත පුරා ඇවිලෙන ලැව් ගිනි සොබාදහමින් මිනිසාට දෙන්නා වූ අනතුරු ඇඟවීම් ලෙස සැලකීම නුවණට හුරුය.

වරෙක මහත්මා ගාන්ධි විසින් පවසා ඇත්තේ “කවුළුව හැර සුළඟේ පහස විදින්න, නමුත් එම සුළඟට ඔබ සතු දෑ ගසාගෙන යාමට ඉඩ නොදෙන්න” ලෙසයි. එනම් අප තාක්ෂණය මානව ශිෂ්ටාචාරයේ උන්නතිය උදෙසා යොදාගත යුතු වුවද එම තාක්ෂණයම මිනිසාත් පරිසරයත් කෙලෙසීමට යොදා ගැනීමෙන් වැළකිය යුතුය.

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake