ප්‍රථම ප්‍රේමය

ප්‍රථම ප්‍රේමය

ආදරය නැතිනම් ප්‍රේමය,

ඇත්තෙන්ම කුමක්ද? නිවැරැදි අර්ථකථනයක් ලබා දිය හැකිද? ලෝකයේ විවිධ භාෂාවන් තිබනත්, ප්‍රේමය පිළිබඳ විග්‍රහ කළ හැකි කිසිදු භාෂාවක් නොමැත.

wallpapercave.com

විටෙක,

ප්‍රේමය සිනිදු සළුවකින් වෙලූ අසිපතකි.

විටෙක,

ප්‍රේමය සීමාවන් පැනවිය නොහැකි රළ පහරකි.

විටෙක,

ප්‍රේමය විස්මිත මුනිවරයෙකි.

විටෙක,

ප්‍රේමය මහා ශක්තියකි.

නමුත්, නිසැකවම ප්‍රේමය යනු ප්‍රේමණීයන්ගේ සෙවනැල්ලයි. ඔවුන්ගේ ප්‍රාණයයි. අපට ජීවිතය ලබා දුන් මව ගැන සැක නැත. එය ඉපදුන දා පටන් අප හොඳින් දන්නා දෙයකි. නමුත් අප කා වෙනුවෙන් ද උපත ලද්දේ යන්න කුඩා කලදීම දැනගැනීමට පුළුවන් වී නම්, ප්‍රේමය විරහවක් වේවිද? ප්‍රථම ප්‍රේමය විරහවක් වූ පුද්ගලයින් කෙතරම් පිරිසක් මේ සමාජය තුළ හිදීද? බොහෝ ප්‍රේම වෘතාන්තයන් අවසාන වන්නේ මරණයෙනි. එය එසේ විය යුතු නැත. ප්‍රේමය යනු, ඔක්සිජන් මිස කාබන්ඩයොක්සයිඩ් නොවේ.

google images

සෑම මොහොතකම නව බලාපොරොත්තු එක් කරමින් එය අපව ජීවත් කරවයි. පුද්ගලයෙකුගේ දිවියේ වැදගත්ම සිදුවීමක් වන්නේ ප්‍රථම ප්‍රේමයයි. එයට කුළුඳුල් ප්‍රේමය යනුවෙන් පවසන්නේ ද, විරුද්ධ ලිංගිකයෙකු වෙත ආකර්ෂණය වන, ඔහු හෝ ඇය ගැන හැඟීම් පහළ වන ප්‍රථම අවධිය නිසාවෙනි. එවන් ප්‍රථම ප්‍රේමයක් විරහව තුළින් අවසන් වීම සිහිනයකින් වත් නොසිතන දෙයකි. නමුත් අද සමාජය තුළ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රථම ප්‍රේමය බිඳ වැටීමේ සම්භාවිතවය ඉහළ ගොස් ඇත. ඔබ, ජීවිතයේ කෙතරම් තීන්දු තීරණ ගෙන ඇතිද? සිදුවීම් වලට මුහුණ දී ඇති ද? අවස්ථාවන් කෙතරම් ලැබී ඇති ද? මග හැරී ඇති ද? ප්‍රථම ප්‍රේමයත් එවන් විශේෂිත එක් අවස්ථාවකි. මා ඔබෙන්, ඔබට ප්‍රථමයෙන් ප්‍රේමය හැඟුනේ කිනම් අවස්ථාවකද යනුවෙන් විමසූ විට ඔබට මඳක් කල්පනා කිරීමට සිදුවනවා නොවනුමානයි. එය මුලින්ම අප හඳුනා ගන්නේ අපගේ මවගෙන් නොවේද? ඇත්තෙන්ම ඔව්. අපට ප්‍රේමය දනවන්නේ ඇයයි. ඇය නිසාවෙන් අප ප්‍රේමය ගැන සෙවීම අරඹයි. එහි ඵලයක් ලෙස අපගේ ජීවන සහකාරිය සෙවීමට ප්‍රේමය නැමැති යාත්‍රාව දියත් කරයි.

යම් ස්ත්‍රියක් රහසින් ඔහුගේ දෑස් තුළට ප්‍රේමයක් රැගෙන යන්නේ ද, ඔහු නිසැකවම එම ස්ත්‍රියගේ ප්‍රේමය සමඟ ජීවත් වේවි, නැතිනම් එම ස්ත්‍රියගේ ප්‍රේමය සමග මියැදේවි.
wallpapercave.com

ප්‍රථම ප්‍රේමය නම් නිසැකවම මෙය නොවේද? අප ප්‍රේමයේ පහස සැබැවින්ම විඳින්නේ සත්‍ය ලෙස අප ඇයට ප්‍රේම කරන ආකාරය අපට දැනෙන විටයි. මහා වර්ෂාවකදී නොලැබෙන ආස්වාදය සිහින් පොද වැස්සක දී ලැබෙන්නාක් මෙන් ප්‍රථම ප්‍රේමයෙන් අප උද්දීපනය වන්නේ එනිසාවෙනි. ප්‍රථම ප්‍රේමයේ දී අප ප්‍රේමයෙන් වෙලී යන්නේ පිරිස අතර ඇය සැඟව ගිය ද එකවර හඳුනාගත හැකිවන අයුරිනි. ඇය පිළිබඳව සිතුම් වලින් හුස්ම ගනියි. ඇගේ සුසුමින් ජීවත්වන කුඩා දරුවෙකු ලෙස හැසිරෙයි. නිසැකවම ප්‍රේමය සෑම සිහින් නහරක් පාසා දැනෙන්නා වූ විස්මිත මායාවකි. එවන් අවධියක ඇය පවසන වදන් පවා හදවතට කතා කරන්නාක් මෙන් දැනෙන්නේ එනිසාවෙනි. ප්‍රේමය තුළ සිදුවිය යුත්තේ රැකගැනීමයි, තේරුම් ගැනීමයි. තෝරා ගැනීම නිවැරදි වන්නේ නම්, කිසිදු විටෙක ප්‍රේමය විරහවක් නොවේ. ප්‍රේමයේ දී හැඟීම් සහ බුද්ධිය අතර තර්ක විතර්ක ගොඩ නැගුණ ද, සෑම විටම ජය ලබන හැඟීම් ය. එයයි ප්‍රේමයේ නියම ස්වරූපය. එය වෙහෙස ගෙන දැන විය යුතු දෙයක් නොවේ. එය ස්වභාවිකවම ඇතිවිය යුතු උතුම් හැඟීමක් වන්නේ එබැවිනි.

ප්‍රේමයේ දී ගරුත්වය ඉතා වැදගත් වන්නේ එබැවිනි. බොහෝ පුද්ගලයන් ප්‍රථම ප්‍රේමය තුළ පරාජය වීමට ප්‍රධාන කරුණක් වන්නේ මෙම ගරුත්වය ගිලිහී යාමයි. ස්ත්‍රියකට දක්වන ගරුත්වය තුළ ඇයට ඇති ප්‍රේමය සැඟවී ඇත්තේ, මවකගේ රුධිරයේ සැඟවී ඇති ළදරු කිරි මෙනි. රුධිරය මැනවින් වර්ධනය වන්නේ නම්, පෝෂණීය කිරක් ළදරුවාට ලබාදිය හැකි වන්නාක් මෙන් තම ප්‍රේමය උසස් බව අපට හැඟවිය නොහැකි ද?

ප්‍රථම ප්‍රේමය විරහවක් වූ පමණින්ම ඔබ ප්‍රේම කිරීමට නුසුදුසු පුද්ගලයෙක් බවට පත් වන්නේ නැත. ප්‍රේමයට ප්‍රේමය කරන්න, ඔබට ප්‍රේම කරන්න, තම පවුලේ සාමාජිකයන්ට ප්‍රේම කරන්න, සෑම දෙයකටම, සෑම මොහොතකම ප්‍රේම කරන්න. එවිට ඔබ ප්‍රේමණීය පුද්ගලයෙකු වනවා නොඅනුමානයි. ප්‍රේමය හා දේවත්වය යනු එකකි. පුද්ගලයෙකු ප්‍රේමයෙන් උසස් වේ නම් ඔහු හෝ ඇය දේවත්වය ලැබූ අයෙකු ම වේ.

VD❤

wallpapercave.com

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake