මානසික සෞඛ්‍ය සහ ඩිජිටල් විරාමය

මානසික සෞඛ්‍ය සහ ඩිජිටල් විරාමය


වර්තමානය වන විට තාක්ෂණය,  බාල මහලු භේදයකින් තොරව අපගේ දෛනික ජීවිත හා ඉතා තදින් බද්ධ වී ඇත. තාක්ෂනික හඳුන්වාදීම් අපගේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය ඉහල නංවාලීම සඳහා වුව ද එහි හිතකර තත්ත්වය පසෙකලා අහිතකර තත්ත්වයේ ප්‍රතිඵල තුළින් වර්තමාන සමාජය දිනෙන් දින විනාශ මුඛය කරා ඇදීයාමේ වේගය මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවති.

තාක්ෂණික මෙවලම් තුළින් අපට දැඩි බලපෑමක් එල්ල කරනුයේ කාගේත් නෙත් ක්ෂණිකව නොගැටෙනා පුද්ගල මානසික සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වීම කණගාටුවට කරුණකි.

දිනෙන් දින දියුණුවන තාක්ෂණික නවෝත්පාදනයන් බොහෝ විට පාදක කරගනුයේ මානව චර්යාවයි. මිනිසා තුළ ඇති නිරන්තර කුතුහලය තව තවත් උද්දීපනය කරලීමට සමත් කෙළවරක් නොමැති දැනුම් දීම්, ක්ෂණික ප්‍රතිචාර මිනිසුන් නිරන්තරයෙන් පරිගණක තිරය සමඟ රඳවා තබා ගැනීමට සමත්ව ඇත්තේ නිරුත්සාහයෙනි.

ලොව පුරා විවිධ තතු නිරන්තර මනස වෙත ලැබීමෙන් මනස අහේතුක ලෙස  වීදියක ඇති කසල බඳුනක් මෙන් නිරන්තරයෙන් පිරී ඉතිරී යන්නේය. මෙය ඔවුන්ගේ ජීවිත තුළ මතක ශක්තිය අඩුකරලීමටත්, විශාදය, කාන්සාව වැනි දරුණු ගණයේ මානසික රෝගාබාධ ඇති කරලීමටත්  නින්දේ ගුණත්වය හීන කිරීම මෙන් ම සමීපතමයන් සමඟ පැවති සබඳතාවන්හී  ශක්තිමත්භාවය හීන කීරීමටත් සමත්වී ඇත්තේ ගැටලුකාරී  අනවශ්‍ය සමාජ සබඳතා ද විශාල වශයෙන් නිර්මාණය කරමිනි.

සමාජ මාධ්‍ය තුළින් බොහෝ විට අපගේ මනස පිරී ඉතිරී යනුයේ යථාර්ථයෙන් තොර වූ විකෘතියකිනි. ඒ තුළින් අප අන් අය සමඟ නිරන්තර සැසඳීම්  සිදුකිරීමට පෙළඹෙන අතර අප විසින්  අපව වෙත ලබා දිය යුතු නිසි වටිනාකම අප වෙත ලබා නොදීමට අවැසි මානසික පසුබිම මේ තුලින්  සැකසේ. බොහෝ විට බාල මහලු භේදයකින් තොරව තම ආත්මාභිමානය, ආත්ම විශ්වාසය සඳහා තාක්ෂණය අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි.

නිල් තිර මගින් එල්ල වන නිල් පැහැති ආලෝකය තුළින් ජනනය වන මෙලටනෝනින් අපව නිරන්තර අනිසි  විඩාබර තත්ත්වයකට ඇද දමන්නේ අපගේ දෛනික  ජීවනාලිය අඩාල කරමින් වීම කණගාටුවට කරුණකි. මන්දයත් එම නිසා ශිෂ්‍යයන් හට තම අධ්‍යාපන කටයුතු අතපසු වනවා සේම වෘත්තීකයන් හට තම රාජකාරී කටයුතු අතපසුවීම ද ඇතැම් විට එය සම්පූර්ණ කළ ද තම සමීපතමයන් මඟහැරීම නොවැළැක්විය හැකි ඛේදවාචකයක් බවට පත්ව ඇත.

දියුණුවන ලෝකය සමඟ අපද ඉදිරියට යා යුතුව ඇතිමුත් ඒ සඳහා යන ගමන තුළ අප විසින් අපව විනාශ කර  නොගෙන කායිකව මෙන්ම මානසිකව ද නීරෝගීමත් පුද්ගලයකු ලෙස ගමන් කිරීමට වගබලා ගත යුතුය.

තිරයෙන් ඈත් වී සිටීම තම ජීවිතය තුළ අතරමං වීමක් ලෙස දැඩිලෙස තාක්ෂණයට ඇබ්බැහි වූ අයෙකුට දැනීම සාමාන්‍ය තත්ත්වයකි. එවන් අයෙකුට එක්වරම තිරයෙන් මිදීම අපහසු වුවද කෙමෙන් කෙමෙන් තමාටම ආවේණික වූ ගෙවතු වගාව,චිත්‍ර ඇදීම, පොත්පත් කියවීම, ඡායාරූපකරණය , නර්ථනය වැනි  විනෝදාංශයක් පුහුණු කිරීම තුළින් එයින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම තාක්ෂණික මෙවලම් හේතුවෙන් බිඳී ගිය අපගේ සමීපතමයන් හා පැවති සබඳතා තර කර ගැනීමට නිවස සහ සමීපතමයන් හා රැඳෙන ස්ථාන තාක්ෂණයෙන් තොර කලාපයක් බවට පත් කර ගැනීමද අපට සිදු කළ හැකිය.

වර්තමාන තාක්ෂණික ලෝකය සමඟ ගැටීමට අපට  මෙම තාක්ෂණික මෙවලම් අත්‍යවශ්‍ය වුව ද ඒ සඳහා නියමිත වූ කාලසටහනක් භාවිතය, ඇතැම් විට ඒ සඳහා අවශ්‍ය පරිදි තමා විසින්ම සීමා මායිම්  පනවා ගැනීම වැනි සරල ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම තුළින් අපට මෙම තාක්ෂණික මෙවලම් භාවිතයේ අහිතකර ප්‍රතිවිපාකයන් සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකියාව ඇත.

අප අනෙකුත් සත්වයන්ගෙන් වෙනස් වනුයේ අපගේ දියුණු මනස නිසා බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණකි. තාක්ෂණය වනාහී දැලි පිහියක් වැනි අවියකි. දැලි පිහියකින් අප හට මනසින් උසස් මිනිසකු ලෙස නෙකවිධ පල ප්‍රයෝජන ගත හැකි වුවද  චිත්ත ශක්තිය හීන වානරයෙකුට දැලි පිහියක් හසුවූවාක් මෙන් ඉන් අප අපගේ ජීවිත විනාශය කරා රැගෙන නොයා යුතු ය.

මනසින් උසස් පුද්ගලයකු ලෙස එය ඉතා වගකීමෙන් භාවිත කිරීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේය.

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake