මගදිගට ජීවිතේ...

මගදිගට ජීවිතේ...
මගේ ජිවිතෙන් දශක දෙකක් ගෙවිලා ගිහින්. මේ ගෙවිලා ගිය දශක දෙක ඇතුලේ විවිධාකාර මිනිස්සු මට මුණගැහුණා. සමහරු අතරමගදී ජීවිතෙන් සමුගත්තා. සමහරු තාවකාලික ගමන් සගයෝ. සමහරු තාමත් මාව තදින් වැළඳගෙන ඉන්නවා.තව කොටසක් මාව හමුවෙන්න බලාගෙන ඉන්නවා.

ඉතින් මං මේ ලියන්නෙ මගේ දශක දෙකක ඉතිහාසය ඇතුලේ හමුවෙච්ච මිනිස්සු ගැන.

google images

මගේ ජීවිතේ හොඳම දේවල් වලින් පිරිලා. තාත්තා මට අරමුණක් ඉතුරු කරලා යද්දී අම්මා මට තනිවම ගොඩනැගෙන්න ඉඩ ඇරියා. මං දිහා බලාගෙන හිටියා. කිසිම නීතියක් නැතුව නිදහස් කෙල්ලෙක් විදියට හැදෙන්න ඉඩ ඇරියා. එහෙම ගෙවිලා ගිය ජීවිතෙන් අවුරුදු හයක බෝඩ්ං ජීවිතේදි එක් එක් වර්ගයේ මිනිස්සු මුණගැහුණා. හය හත් දෙනෙකුට උදේ තේ හදද්දී කහට වැඩියෙනුත් සීනි සහ පිටි අඩුවෙනුත් ඒවාට අමතරව චොක්ලට් පවුඩර් වැඩියෙන් මිශ්‍ර කරපු  කටේ තියන්න බැරි තේ හදපු බෝඩිං ඇන්ටිලාගේ ඉදන්, තමන්ගෙ දරුවන්ටත් වඩා හොඳට අපිව බලාගත්ත ගැහැණු මට මුණගැහුණා. ඒ ගැහැණුන්ගෙන් මේ කුඩා කෙල්ල මිනිස්සුන්ගෙ වෙනස් වෙනස් ජීවන රටාවන් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඉගනගත්තා. විවිධ වයස් පරතරවල අක්කලා, නංගිලා සහ සමවයස් මිතුරියෝ පවුලෙන් ඈත්වෙලා ඉන්නවා කියන හැඟීම මකලා දැම්මා. එකට හදාගෙන බිව්ව කෝපි, තේ සහ බඩපැලෙනකන් කාපු කොත්තු, ෆ්‍රයිඩ් රයිස් දක්වා ඒ මතක මිහිරියි. කට්ටියම එකට සනම් තේරී කසම් බලලා ඒක ෆිල්ම් එකක් විතරයි කියන හැඟීමෙන් මං නිහඬව හිටියත් මගේ අනික් මිතුරියෝ අඬනකොට මං තේරුම් ගත්තා මිනිස්සු එක එක දේවල්වලට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කියලා. මං ඔවුන්ට සවන් දුන්නා. දේවල් ඉගනගත්තා.

wallpapercave.com

උසස්පෙල කාලයේ සමහර කඩාවැටීම් ඉස්සරහ මාව තදින් බදලා අල්ලගත්ත මිතුරන් පිරිසක් මට හිටියා. පඩිපෙලකින් වැටිලා ඔලුව තුවාල වෙලා රෝහලේ ඉන්නකොට මහ පාන්දර නිදිමතේ වැනි වැනී උදේ කෑමත් අරන් ඇවිල්ලා "මොන මගුල් කරගන්නවද මන්දා" වර්ගයේ කතා කිය කිය මට බැන බැන ඉඳලා අන්තිමට "පරිස්සමෙන් ඉන්න" කියාගෙන ගිය මිතුරනුත්, අපේ අම්මා වෙනුවට මහ රෑ නිදිවරාගෙන රෝහලේ මාව බලාගත්ත, ටිකට් කපාගෙන බෝඩිමට ගිහිල්ලා දාපු මිතුරියොත් මට පවුලක් කියන්නේ මොන වගේ ආදරණීය තැනක්ද කියලා ඉගැන්නුවා.

උසස්පෙල පහුකරගෙන විශ්වවිද්‍යාලයට එනකොට වෛරස් එකක් එක්ක හැප්පිලා පණ බේරගන්න ගෙදරට කොටුවෙන්න උනාම  ඩිජිටල් අවකාශයෙන් විතරක් මුණගැහුණ මිතුරෝ ගොඩක් මාව වැළඳගන්න බලාගෙන ඉන්නවා. එකිනෙකාව දැකලා නැතුවත් අපි එක පවුලක් වගේ දැනෙන තැන් ගොඩාක් තියනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා එක එක සංස්කෘතීන්ට අයිති එක එක භාශා විලාසයෙන් කතා කරනකොට එකිනෙකා දරාගැනීම සහ ඉවසීම පුරුද්දක් කරගන්න අවශ්‍ය බව මං ඉගනගත්තා. සයිබර් කෙටි පණිවුඩ ඇතුලේ වරදවා වටහාගැනීම් ප්‍රතික්ෂේවීම් අඩුවෙන් තියෙන්න නම් අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ හදවත සුවිශාල කරගෙන එකිනෙකාට ගෞරව කිරීම බව මං ඔවුන්ගෙන් ඉගනගනිමින් ඉන්නවා. අසයිමන්ට්ස් සහ ප්‍රොජෙක්ට්ස් ඉස්සරහට දාගෙන, එන්න පුලුවන් සීමාවේ ඉන්න මිතුරෝ එක්ක යන රස්තියාදුකාර ගමන් අලුත් අත්දැකීමක් ගේනවා. දකුණු වෙරළතීරය දිගේ වැල්ලේ එරී එරී සිප්පි කටු අහුලමින්, මුහුදු වතුර නාගෙන කෑ ගහමින් එහෙට මෙහෙට ගිහින් වෙරළේ වාඩිවෙලා හති අරින විකාරරූපී මිතුරු රැල ජීවිතේ එක අලුත් චැප්ටර් එකක ආරම්භයක් කියලා දැනෙනවා.

google images

මේ වගේ ආදරණීය මිනිස්සු එක්ක ගෙවුන සිය ගානක් දිනයන් මට මතකයට එනවා. මේ ගෙවුණු දශක දෙක කෙටි චිත්‍රපටි සියගාණක එකතුවක් වගේ. ඒවා මාව ජීවිත් කරවනවා. ඒ හැම පුංචි කොටසක්ම මගේ ජීවිතේ දැන් ඉන්න මාව නියෝජනය කරනවා වගේ දැනෙනවා. මාව ගොඩනැගුවේ මං වටා හිටපු මිනිස්සුන්ගෙ ආදරය. ඉස්සරහටත් ඒ ආදරේ මාව ගොඩනගාවි. අපි එකට ගොඩනැගේවී !

19.12.2021

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake