ගොළු තාත්තා ඇත්තටම ගොළුද?
පොඩි කාලේ එක මතකයක් තියෙනවා ස්වර්ණවාහිනියේ මහේන්ද්‍ර පේරේරා ෆුට් සයිසිකලයකින් පුංචි ගැහැණු ළමයෙක් ඉස්සරහ වාඩි කරන් ගිය නාට්‍යයක් තිබ්බා "ගොළු තාත්තා" කියලා,ඒකේ දි මහේන්ද්‍ර පෙරේරා නැත්නම් තාත්තා ගොළු කෙනෙක් තමාගේ එකම දුවව අම්මා කෙනෙක් නැතිව උස්මහත් කරවලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලබා දීලා අවසානේදි කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ කටු මැටි ගේක ඉඳලා තමා අර දුක් මහන්සියෙන් උස් මහත් කරපු දරුවාගේ ආදරය නොලැබම මිය යන ඛේදවාචකයක් පදනම් වූවක්.

පොඩි කාලේ තමන් වීරයා කරන් හිටපු ඉස්කෝලේ පන්තියේ ළමයි එක්ක අපේඑ තාත්තා මෙහෙමයි අපේ තාත්තා ට මෙච්ච්ර සල්ලි ලැබෙනවා කියලා යාලුවෝ එක්ක වාද විවාද වලට ගිය අපි,ඉස්කෝලේ ඇරෙන වෙලාවේ අප්පච්චි දැක්කම ඒ පැත්තට හිනාවෙවි දුවන් ගියපු අපි ත් අපි දිහා බලන් හිටපු අප්පච්චිලාත් කාලය එක්කම ඈත් වෙලා.


ඉතින් ඇත්තටම අපිත් දවසකට අපේ අප්පච්චි ලා නැත්නම් තාත්තලා එක්ක කතා කරන වචන ගණුදෙනු කරන,අපි ආදරය පෙන්වන ප්‍රමාණය පවා අම්මා එක්ක කතා කරන ආදරය පෙන්වීම එක්ක සංසන්දනය කරලා බලද්දි ගණනකට වත් නොසැලකිය හැකි තරම් දෙයක්.අවම අපි අප්පච්චිලාගෙන් අපිට දෙයකට අවසර ගන්න අවශ්‍ය වුනත් අපි අපෙ අම්මල්ලාව මැදිහත් කරගෙන අහනවා,අප්පච්චි වුනත් අපෙන් දෙයක් දැනගන්න අපිත් එක්ක දෙයක් කතා කරන්න අවශ්‍ය වුනොත් අම්මාව මැදිහත්කරු කරගන්නවා,

අප්පච්චිලාට ඒකට ඉරිසියා ඇති,මගේම ගෙදර මගේම දරුවෝ ඉස්සරහ ආගන්තුක චරිතයක් විදියට ඉන්න වෙන එක ගැන.අපිට නොදැනෙන්න අපි ගැන හොයනවා කියලාවත් දැනගන්න ඉඩක් තියන්නෙ නැතිව එයා අපි ගැන හොයනවා,බලනවා ඒත් ඒක පෙන්වන්නේ නෑ කියලා අපි හැමෝටම තේරුම් යන්න කාලයක් යනවා,ඒත් එතකොට අපිට ඒක තේරුණත් අපිත් අපේ හිතේ අප්පච්චිට තියෙන ආදරය ප්‍රකාශ කරන්න උත්සාහයක් දරන්නේ නැති තරම්.


ගොළු තාත්තා වචන වලින් ගොළු වුනාට ක්‍රියාවෙන් කොයිම මොහතකදිවත් ගොළු වුනේ නෑ,ගොළු තාත්තා තමන්ගේ මුලූ ජිවිතේම කැප කරේ තමන්ට කියලා මේ ලොකේ ඉන්න එකම කෙනා වුණ තමන්ගේ දුව වෙනුවෙන්,තාත්තාගේ මළ ගෙදරට ඇවිල්ලා පොළවේ දණ ගහලා කෑගහනකම්ම තාත්තාගේ අගය,ආදරය නොතේරුන ඇයට,තාත්තා දැන් මේ ලෝකේ නෑ,මම තාත්තාට සලකන්න අඩුම ආදරෙන් කතා කරන්න හරි තිබ්බා නේද කියලා හිතද්දි ඇය ට වඩා කාලය ඉක්මන් වෙලා,ඒකයි ලෝක ස්වභාවය.
අප්පච්චිලා ජීවත් වෙන්නේ ටික කාලයයි,අපි එයාලා එක්ක ඉන්නේ හරි පොඩි කාලයයි,එයාව බදාගන්න.බදාගෙන එකම වතාවක් ආදරෙයි කියන්න.ඒ වෙලාවෙදි ඔයාට ඔයාගේ ඇස් වල කඳුලු අස්සෙන් අප්පච්චිගේ ඇස් වල කඳුලුත් පෙනෙයි,හැබයි ඔයා කඳුලු පිහදානකොට එයා ඒ කඳුලු හංගගනීවී.


අන්න එහෙමයි අප්පච්චිලා..
හරියටම අපේ අප්පච්චිලා වගේම තමා එයා වචනෙන් ගොළු වුනාට ක්‍රියාවෙන් කවමදාකවත් ගොළු වුනේ නෑ.ඒත් එයා වගේම අපිත් අපි වගේම එයත් එක තැනකදි අසමත් ඒ ආදරය,සෙනෙහස කියන එක ප්‍රකාශ කිරිමේ දි........
අවසානෙට කියන්න තියෙන්නේ මාලීනි ජයරත්න ලියපු,ටී,එම්,ජයරත්නගේ හඬින් ගයන අපි හැමෝම අහන,අහලා තියෙන කොච්චර කාර්‍යබහුල වැඩක සිටියත් මොහොතකට ඒ වැඩේ නවත්තලා මනසින් අහන පද පේළිවල මෙන්න මෙහෙම තියෙනවා,
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ....
පිය සෙනහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ....
පිය සෙනහසට කව් ගී ලියවුණා මදී..... ඇත්තටම ඒක නෙවිද යථාර්ථයත් .......



