බත්පතට දින කුමට...

බත්පතට දින කුමට...
Language:  

ජාත්‍යන්තර ප්‍රමිතිගතකරණයට  අනුව ලෝක ආහාර දිනය යැයි කියා ගත්ත දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 16 වන දිනට යේදී ඇති අතර සෑම වසරකටම  අනන්‍ය වූ ලෙස ආහාර දින තේමාවක් ද පැවතීම මෙහිදී සුවිශේෂී ලෙස කැපී පෙනේ.

මෙසේ මෙවරද අනන්‍ය වූ ආහාර දින තේමාවක් පවතින අතර මෙසේ නිර්මාණය කර ගන්නා වූ ආහාර දිනය සැබවින්ම අර්ථවත් සැමරීමක් ද යන්න යම් තරමකින් ප්‍රශ්නාර්ථයකි. ලොකයේ අනෙකුත් රටවල මෙසේ ආහාර වෙනුවෙන් දිනයක් වෙන් කරගෙන එය සුවිශේෂී ලෙස සැමරීම ඇතැම් විට අර්ථවත් විය හැක. නමුත් පෙරදිග ලොකයේ ධාන්‍යාගාරය ලෙස නම් දරණ ශ්‍රී ලංකාවට අද වන විට එය යම් තාක් දුරට උභතෝකෝටියකි.

ශ්‍රීලංකාව තුළ අද වන විට පවතින ආහාර අර්බුදයෙන් බොහොමයක් ශ්‍රී ලාංකික ජනයා බැට කන අතර කුසට අහරක් දින ගනනක් ජලයෙන් පමණක් ජීවත් වන පිරිසක් සිටින බව පැවසීම  කනගාටුවට කරුණකි. පලා මැල්ලුමක් සහිතව බත් පත පමනක් රැගෙන එන දරුවන්ද සිටින පසුබිමක හිස් බත් පෙට්ටිය දහවල ආහාර වේල ම පාසලට ගෙන එන දරුවන්ද සිටි. පුංචි පවා  එසේ දුෂ්කරතා විඳින සමයක මෙවන් ලෝක ආහාර දිනය යැයි සමරන දිනය ශ්‍රී ලාංකික බහුතර ට පලක්  නොවේ.

නමුදු මෙම ලෝක ආහාර දිනය ජයටම සැමරිය හැකි පිරිසක්ද මේ ලංකාව තුළ ජීවත් වන බව එසේම පැවැසීය යුත්තකි. බොහෝ ධනවතුන්  පාලකයන් මෙම ආහාර දිනය ජයටම එදිනටම සමරනවා විය හැක. නමුත් කනගාටුදායක කරුණ නම් ඔවුනට මේ කුසට අහරක් නොමැතිව සිටින්නන් ගැන අල්ප මාත්‍ර හෝ හැගීමක් නොමැති වීමයි. ලංකාවේ ප්‍රධාන ස්ථානයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තුව  තුළ ඇමැති බලතල වලට ලැබෙන බත්පත තුළ කොපමණ ව්‍යංජන ප්‍රමානයක්, ආහාර අතුරුපස ඇත්තේද යන්න සිතා බලන විට ඇතිවෙන්නේ සාධාරණ කලකිරීමකි. එමෙන්ම ඒතුළින් සිදුවන ආහාර අපතේ යාම, නාස්තිය මහජන මුදල් මෙන්ම ඒ දිනපතා ඉවතලන ආහාර වලින් කුසගින්නේ සිටින්නන් කීදෙනෙකු නම් තෘප්තිමත් කල හැකිද යන්න ඔවුන්ට මොහොතකට වත් සිතෙන්නේ නැති බව නියතය.

එනිසා මෙසේ අලුත්ම පන්නයේ දින සැමරුම් වල සැබෑ ම යථාර්ථය ශ්‍රී ලාංකිකයන් ට වටහාගත හැකිද? මෙසේ දින වෙන් කිරීම අර්ථවත් වන්නේද යන්න සැමට පැනයකි.

ඔබ සැමට සිතන්නට යමක් ඉතිරි කරමින් මෙසේ දින සැමරීම අර්ථවත් වන්නේද, අවශ්‍ය වන්නේද යන්න මා මාගෙ හිතැඟියාවට මෙසේ විරාමයක් තබමි.

Sinhala typing by: Uthpala Karunawardhana

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake